ගෝතම බුදුන්වහන්සේ උපන් දේශය පිලිබඳ යතාර්ථය මේ වනවිට ඉතා පැහැදිලි සංධිස්ථානයක් කරා එළඹ ඇත. එදා ඉන්දියානු සම්බවයක් ඇති අටුවාචාරීන් වහන්සේලා අතින් ලියැවුනු අපේ හෙළබිමේ ඉතිහාසය සහ ඊට සමගාමීව විශුද්ධි මාර්ගය ගුරුකොට මේ දක්වා විකාශය වී ඇති බුදු දහම ඒ අයුරින්ම අර්ථකතනය කිරීම තුල සැඟවගිය හෙළබිමේ නිවැරදිවූත්, ඉතා පැහැදිලි සහ විද්‍යානුකූලවූත් ඉතිහාසය සහ නිවන් අවබෝධ කරගැනීමට උපකාරවන පරම පවිත්‍ර සිරි සද්ධර්මය මේ වන විට පූර්ණ ලෙසම මතුවී තිබේ.
නිවන් අවබෝධ කරගැනීමට පින්පිරූ පිරිසකට චතු අරිය සත්‍ය අවබෝධ කරගැනීමට සහ බුදුන්වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කල සද්ධස්ස කුලපුත්තස්ස, දස්සනීයානං සංවේජනීයානං තත්වයට පත් වන්නට බුද්ධ ශක්තියට අනුගත වියහැකි ස්ථාන හතරමත් මේ හෙළබිමේ මතුවී තිබීම අරිය මාර්ගයට පිලිපන් සියලු උතුමන්ගේ නිරාමිස ප්‍රීතියට හේතුවනවා නොඅනුමානයි.